Loading..

පොලිසිය මහජන සහාය පතයි

රුපියල් මිලියන 150ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස්කර දේපොළ අත්පත් කරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කරන සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම්දෙන්නේ, අදාළ කාන්තාව විසින් වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවේ අත්සන් යොදා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි

ඇයට එරෙහිව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ විමර්ශන සිදුකරනවා.

සැකාරියගේ ඡායාරූපය පහතින් දැක්වෙන අතර ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පහත සඳහන් අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

වාණිජ අපරාධ විමර්ෂණ අංශය – 011 243 4504
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය – 011 242 2176

The post පොලිසිය මහජන සහාය පතයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Tei1fVz
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.