Loading..

පොලිසියෙන් ලොරි රථයකට වෙඩි! පුද්ගලයෙක් තුවල ලබයි!

පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පානදුර උතුර පොලීසිය විසින් සිදුකළ සොදිසි මෙහෙයුමක් අතතුර දී පොලිස් මාර්ග බාධකයකදී ලොරි රථයකට නවත්වන ලෙසට අණ කර තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත මෙලෙස ලොරි රථයට නවතන ලෙස අණකර ඇති බව සඳහන්.

පොලිස් අණ නොතකා ලොරි රථය ඉදිරියට ගමන් කිරීම නිසා පසුපසින් හඹාගොස් ලොරි රථයට වෙඩි තැබීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එම ලොරියේ හරක් සිව් දෙනෙකු පටවා ගෙන සිටි බවත් මෙම හරක් කිසිදු අවසරයකින් තොරව රැගෙන යාමේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව ඇති බවත් පොලිසිය කියා සිටියා.

කෙසේ වෙතත් ලොරියේ ගමන් ගත් පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

The post පොලිසියෙන් ලොරි රථයකට වෙඩි! පුද්ගලයෙක් තුවල ලබයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NT1IhGt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.