Loading..

IOC හා සයිනොපෙක් සමාගම් ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත් තීරණය

ලංකා IOC සමාගම හා සයිනොපෙක් සමාගමද ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදිය.

ඒ අනුව ලංකා IOC හා සයිනොපෙක් සමාගම්හි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර ඇත්තේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.

The post IOC හා සයිනොපෙක් සමාගම් ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bVtd9p0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.