Loading..

ගීතා කුමාරසිංහ පිල් මාරුවට හේතුව කියයි

ගිලෙන බෝට්ටුවකට නැග සියදිවි නාසාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ළමා හා කාත්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ පැවසුවාය.

ඇය ඒ බව පැවසුවේ ඊයේ (11) කොළඹ පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ය.

තමා ආණ්ඩුවෙන් කිසිඳු වරප්‍රසාදයක් ලබාගෙන නොමැති නිසා තමාට ස්වාධීන තීරණ ගැනීමේ අයිතියක් පවතින බව ඇය පවසනවා.

ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවාරයා ගත් තීරණය විවේචනය කරමින් ඇය පවසන්නේ ජනාධිපතිවරණයට දින 8ක් පවතිද්දී ජනාධිපතිවරයා සිඟිති ආතල් ගන්නා බවයි.

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයගන්නා බවත් ගිලෙන බෝට්ටුවක සිට සියදිවි නසා ගැනීමට අවශ්‍ය නොවන නිසා තමා සජිත් ප්‍රේමදාස සමගින් එක් වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

The post ගීතා කුමාරසිංහ පිල් මාරුවට හේතුව කියයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mdBluFb
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.