Loading..

රෝහිත අබේගුණවර්ධනගෙන් අභියෝගයක්! දේශපාලනයෙන් සමු ගැනීමටත් සැරසෙයි!

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා කෙනෙක් බව කියන මහනුවර ප්‍රධාන පෙලේ වාහන අලෙවිසැලක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකුගේ නිවසක තිබී ලියාපදිංචි නොකළ නවීන මෝටර් රථයක් සහ ජීප් රථයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ 1997 අංකයට ලැබුණු තොරතුරකට අනුව එම රථවාහන සොයාගත් බවත් එම නිවැසියන්ට එම වාහනවල කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවත් ය. 

වාහන ගාල්කර තිබූ නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මෝටර් රථ දෙක පොලීසිය භාරයට ගත් බව සඳහන් ය.

මේ අතර හිටපු අමාත්‍යවරයාගේ බෑණා බව කියන ගයාන් සේරම් ඊයේ (21) නීතිඥවරයෙක් සමග බම්බලපිටිය පොලීසියට ගොස් චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ තමා මෙම වංචාවට සම්බන්ධ බවට ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බවයි.

ඔහුගේ හිතවතුන් සිදු කරනා වැරදිවල වගකීම තමාට බාර ගැනීමට නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා

The post රෝහිත අබේගුණවර්ධනගෙන් අභියෝගයක්! දේශපාලනයෙන් සමු ගැනීමටත් සැරසෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EA8F1Rk
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.