විදුලි ගාස්තු සංශෝධනයට අදාළව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ප්රතියෝජනාව මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව සියයට 4ත් 11ත් අතර ප්රතිශතයකින් විදුලි ගාස්තු අඩු කළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ප්රතිශතය සමස්තයක් ලෙස 6.6ක් වන බව එම කොමිසමේ ප්රකාශකයෙකු සඳහන් කළේය.
ප්රතියෝජනාව කඩිනමින් සකස් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කඩිනමින් ක්රියාමාර්ග ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමය චෝදනා කරන්නේ මෙවර විදුලි ගාස්තු සංශෝධනයට අදාළව සියයට 30ත් 35ත් අතර ප්රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට ආණ්ඩුවට හැකියාව පවතින බවයි.
ඊයේ(28) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය ගත වු මාස 9ක කාලය තුළ අධික ලාභයක් ලබා ඇති බවයි.
The post විදුලි බිල අඩුවන ප්රතිශතය පිළිබඳව ඉඟියක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/FpMOH8i
via IFTTT

