Loading..

දුම්රිය වර්ජනය අවසන්

අද (31) දිනට යෙදී ඇති දීපාවලී දිනය හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසීය.

උසස්වීම්, බඳවාගැනීම්, දුම්රිය අවලංගු වීම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවට ඉකුත් සඳුදා තීරණය කර තිබුණි.

ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු ඔවුන් පැය 72ක කාලයක් ද බලධාරීන්ට ලබාදී තිබූ නමුත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ඔවුන් සඳහන් කළේ.

එමෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අනුව ඊයේ (30) උදෑසන මේ සම්බන්ධයෙන් පැවති සාකාච්ඡාවද අසාර්ථක වී තිබුණි.

එම සාකච්ඡා අසාර්ථක වූ පසුබික දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක සංගමය තීන්දු කළේ ඊයේ පස්වරු 4:30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකෙමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටය.

The post දුම්රිය වර්ජනය අවසන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zrl9sw2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.