Loading..

රනිල්ගේ මුක්තිය ඉවරයි! දේශබන්දු තෙන්නකෝන්ට සම්බන්ධ පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස නම් කරයි!

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වන පෙත්සමක් ඊයේ (29) අභියාචනාධිකරණයේ ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි මෙම අවසරය ලබා දී ඇත්තේ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම ඊයේ(29) කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපතිවරයා නම්කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර ලැබුණු අතර එම පෙත්සම නොවැම්බර් මස 11 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල නියම කළා.

The post රනිල්ගේ මුක්තිය ඉවරයි! දේශබන්දු තෙන්නකෝන්ට සම්බන්ධ පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස නම් කරයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TNeRot7
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.