Loading..

ඉන්දීය විදේශ ඇමතිගේ සංචාරයේ ප්‍රතිඵල ලැබෙයි! ලංකාවට ඉන්දියාවෙන් තෑගි ගොන්නක්!

අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර තිබේ.

ඔහුගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ඒ බව දැක්වෙයි.

එක්දින නිල සංචාරයකට පසුගිය සිකුරාදා(04) දිනයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා දිවයිනට පැමිණියේය.

එම සංචාරය අතරතුරදී ජනාධිපති, අගමැතිනිය, විපක්ෂනායකවරයා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්විය.

එමෙන්ම නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇ.ඩො. මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කළ හැකි බවත් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා අතරතුරදී පවසා තිබේ.

The post ඉන්දීය විදේශ ඇමතිගේ සංචාරයේ ප්‍රතිඵල ලැබෙයි! ලංකාවට ඉන්දියාවෙන් තෑගි ගොන්නක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/B73sE6Y
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.