Loading..

ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චිට නාම යෝජනා නොලැබෙන ලකුණු

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය යටතේ තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතාට නාම යෝජනා නොලැබෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ දිනවල ජාතික ජන බලවේගයේ නාම යෝජනා කමිටු සියළු දිස්ත‍්‍රික් ආවරණය වන පරිදි සිය නාම යෝජනා සකස් කරමින් සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමඟ මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් නාම යෝජනා ලබා ගැනීමට ඉහළ ඉල්ලුමක් මතුව ඇති අතර ඒ හේතුවෙන් කමල් අද්දරාආරච්චිට නාම යෝජනා නොලැබීමට වැඩි ඉඩකඩක් පවතින බව සඳහන්.

ඔහු පසුගිය දිනෙක සඳහන් කර තිබුණේ තමන් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් බවයි.

The post ජනප්‍රිය රංගන ශිල්පී කමල් අද්දරආරච්චිට නාම යෝජනා නොලැබෙන ලකුණු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7ZVmIRN
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.