Loading..

ශ්‍රී ලංකාවට ඉහළින් අභිසාරී නිවර්තන කලාපයක් නිර්මාණය වෙයි! කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්!

මේ වනවිට ශ්‍රී ලංකාවට ඉහළින් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් නිර්මාණය වී ඇති බැවින් අධික වර්ෂාව තවත් දින 05 කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පවතින ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවත් දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ තද වැසි ඇතිවිය හැකි බවද සදහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සදහන් කළේ,

“මේ කාලපරිච්ඡේදයේ තියෙන විශේෂත්වය තමයි, උතුරු අර්ධ ගෝලයෙන් එන සුළං හමන රටාවත්, දකුණු අර්ධ ගෝලයෙන් එන සුළඟත් එකට එකතු වෙන තැනක් තියෙනවා. අපි මේකට කියනවා, අන්තර් නිවර්තන අභිසාරී කලාපය කියලා.

දැනට මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවට ඉහළින් ස්ථානගත වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි, ගිගිරුම් සහිත වැසි නිර්මාණය වන ලකුණු තමයි තියෙන්නේ.”

The post ශ්‍රී ලංකාවට ඉහළින් අභිසාරී නිවර්තන කලාපයක් නිර්මාණය වෙයි! කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rl9T4fh
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.