Loading..

ප්‍රදේශ රැසකට මි.මී 200 ඉක්ම වූ ඉතා තද වැසි! කාලගුණයෙන් අවවාදාතමක නිවේදනයක්!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.200 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවන බව සඳහන්.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ (25) රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290ක් සහ ත්‍රිකුණාමලයට කී.මී. 410ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇති.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරනු ලබනවා.

ඒ අනුව උතුරු, උතුරුමැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර ඊයේ (25) පෙ. 8.30 සිට අද (26) පෙ.ව 4.15 දක්වා කාලය තුළ වාර්තා වූ අගයන් අනුව දිවයිනෙන් වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය මි.මී 191ක් වනවා.

The post ප්‍රදේශ රැසකට මි.මී 200 ඉක්ම වූ ඉතා තද වැසි! කාලගුණයෙන් අවවාදාතමක නිවේදනයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bQRZzUY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.