Loading..

ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්! මල්වතු ඔයේ ජල මට්ටමත් සැලකිය යුතු ලෙස ඉහළට!

අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් මහවිලච්චිය, නානාද්දන්, මුසලෙයි සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් මතුව තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම නිසා ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

තවද, දැදුරුඔය, රාජාංගනය, කවුඩුල්ල ජලාශ සහ පරාක්‍රම සමුද්‍රයේ වාන් දැමීමේ සීඝ්‍රතාව ඉහළ යා හැකි බව එම දෙපර්තමෙන්තුව සඳහන් කරනවා.

පහත් බිම්වල පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත්තේ.

The post ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්! මල්වතු ඔයේ ජල මට්ටමත් සැලකිය යුතු ලෙස ඉහළට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vQIr3Zn
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.