Loading..

පෞද්ගලික අංශයේ සේවක වැටුප් පිළිබඳව ලැබුණු සුබ ආරංචිය

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩි කරන බවත්, පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කර ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතු කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, පසුගියද වැල්ලවාය නගරයේදී පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක ජන රැළියක් අමතමින්.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳව, හිටපු ජනාධිපති කියනවා එතුමා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා සල්ලි පාස් කරාලු. අපිට තියෙන්නේ දෙන්න විතරයිලු. ඉතිං දීලා යන්න තිබ්බනේ. මතකද රාජ්‍යසේවකයන් වැඩවර්ජනය කළා.විශ්ව විද්‍යාල මාස තුනක් වැහිලා තිබ්බා.එතකොට කිව්වා පඩි ගෙවන්න විදිහක් නැහැ කියලා. දැන් ගෙදර ගිහිල්ලා කියනවා මං සල්ලි තියලා ගියේ කියලා.

පව් හලෝ. එයා කැබිනට් තීන්දු ගත්තත් එකයි නැතත් එකයි. එයා සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා.”

The post පෞද්ගලික අංශයේ සේවක වැටුප් පිළිබඳව ලැබුණු සුබ ආරංචිය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZxztTkf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.