මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරය ලබන කන්නයෙන් අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මේ වනටිටත් වී අලෙවි මණ්ඩලය සතු සියලුම ගබඩා ප්‍රතිසංස්කරණය සඳහා උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා සඳහා කළේ.
ඒ අනුව ඊළඟ කන්නයේදී සහතික මිලක් යටතේ වැඩිම වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව මෝල් හිමියන්ට අවශ්‍ය ආකාරයට සහල් වෙළඳපොළ කෘතිමව පාලනය කිරීමට නොහැකි බව ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
The post හාල් මිල පාලනය කරන ජනපතිගේ සැලැසුම appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/JqcNyL0
via IFTTT

