නව කථානායකවරයා කවුරුන්ද යන්න පිළිබදව අද (16) පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසු තීරණය කරන බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දේවානන්ද සුරවීර පවසනවා.
ආචාර්ය උපාධිය පිළිබඳ මතුවූ අර්බුදය හමුවේ අසෝක රන්වල පසුගියදා බදාදා කථානායක ධූරයෙන් ඉල්ලා අස් වුණා.
මේ අතර මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජාතික ජනබලවේග රජයේ නව කථානායක ධූරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කිරීමේ සැලැස්මක් පවතින බවයි.
පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා තරග කර මනාප ඡන්ද 51,391ක් ලබාගනිමින් ඔහු පාර්ලිමේන්තුවට පිවිසියා.
නව කථානායකවරයා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී තෝරා පත් කර ගැනීමට නියමිතයි.
මින් පෙර වාර්තා වූයේ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇති බවයි.
මේ අතර අසෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නමක්ද යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.
The post නව කථානායකවරයා පොළොන්නරුවෙන් ? appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/30wRUeJ
via IFTTT

