Loading..

ජනාධිපති අරමුදලේ සල්ලි වියදම් කළේ මෙහෙමයි! රනිල්ගෙන් චෝදනාවලට උත්තර!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම පාලන සමය තුළදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී ඇති ආකාරය පිළිබඳ ඊයේ (19) නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබුණා.

එහි දැක්වෙන්නේ 2022 වසර අවසන්වනවිට, පැවති සියලු අයැදුම්පත් සඳහා ගෙවීම් සිදුකල බවත් ඒ සඳහා රුපියල් මිලියන 1515ක්, 2023 වර්ෂයේ රුපියල් මිලියන 839ක් හා 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ දළ වශයෙන් රුපියල් මිලියන 450ක් රෝගීන් සඳහා වෛද්‍යාධාර ලෙස ගෙවා ඇති බවයි.

මහජන නියෝජිතයන් පෞද්ගලිකවම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැර අනෙකුත් සියලු ඉල්ලීම් සඳහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබාදී නෙමැති බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2022 ජූලි 31 වනවිට ජනාධිපති අරමුදලේ පැවති රුපියල් මිලියන 7,000ක මුදල විවිධාකාර ගෙවීම් මධ්‍යයේ වුවද 2024 සැප්තැම්බර් 21 වනදා වන විට රුපියල් මිලියන 11,000 ඉක්මවා යන ශේෂයක් පවත්වාගෙන යාමට තමන් කටයුතු කළ බවයි.

මේ අතර පසුගිය මාස 11 ක කාලය තුළ තමාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 82ක් වැයවූ බවට සිදුකරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා පවසනවා.

The post ජනාධිපති අරමුදලේ සල්ලි වියදම් කළේ මෙහෙමයි! රනිල්ගෙන් චෝදනාවලට උත්තර! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/z8RmfwM
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.