ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (26) සවස් කාලයේ මාවතගම පොලිස් වසමේ මහනුවර කුරුණෑගල මාර්ගයේ උදාරගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක වෑන් රථය ගැටී තිබුණි.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළුව ත්‍රීරෝද රථයේ ගමන් කළ සිව් දෙනෙකු හා වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කෙරුණි.
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයේ ගමන් කළ 60 හැවිරිදි වියේ පසු වූ දොඩවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාවතගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
The post ධාවනය වෙමින් පැවති වෑන් රථයක රෝදයක් ගැලවීමෙන් සිදු වූ මාරක රිය අනතුර appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/5ITik3x
via IFTTT

