Loading..

පොලී අනුපාතික ගැන මහ බැංකුව ගත් තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 8%ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ ආර්ථික වර්ධනයට සහාය වෙමින් උද්ධමනය 5% ක මට්ටමක ස්ථාවර කිරීම අරමුණු ඇතිවයි.

ඊයේ (28) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, මේ තීරණය දැනුම්දී තිබෙනවා.

2025 දෙවන භාගයේදී උද්ධමනය ඉලක්කගතමට්ටමට ගැලපීම ආරම්භ කිරීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ මෙම ප‍්‍රවණතාවය දිගටම පවතිනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

The post පොලී අනුපාතික ගැන මහ බැංකුව ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/N5TaqWS
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.