Loading..

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා දේශපාලනයෙන් සමුගනී ?

තමන් වැඩිදුරක් දේශපාලනයේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා.

මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවීමෙන් අනතුරුව ඊයේ(29) රාත්‍රියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැනි අදහසක්.

“දේශපාලනයට එන්න ඕනි කියලා මම ඩිග්‍රිස් මොකුත් කරලා නෑ. මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දෙ දීලා නෑ. දැන් ඇත්තටම වෙලා තියෙන්නේ මිනිස්සුන් වෙනුවට. ඒ නිසා වැඩි දුරක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති ක්ෂේත්‍රයක්. හැබැයි මම ඉන්න කාලේ කෙලින් ඉන්නවා.”

2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිදුවීමකට අදාළව මන්ත්‍රීවරයාව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

The post පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා දේශපාලනයෙන් සමුගනී ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JjI8RbT
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.