Loading..

බීම බෝතලයක් බීපු තාත්තයි දුවයි රෝහලට – “බිව්වට පස්සේ මගේ කට පිච්චිලා ගියා”

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බීම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් ඇය බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම බීම බෝතලය පානය කිරිමෙන් අදාළ දැරියට මෙම හදිසි රෝගි තත්ත්වය ඇති විමත් සමග ඇගේ පියාද එම බීම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර ඔහුටද හදිසි අසනීප තත්ත්වයක් ඇති වී ඔහුද රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දෙදෙනා රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශය දක්වා යන අතරමග මෙම ආපනශාලාවට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පියා පවසන්නේ තමන් එය පානය කිරීමෙන් පසුව සිය මුඛය පිළිස්සුනු බවයි.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම වෙලදසැල පරික්ෂා කර එහි තිබූ ඉතිරි බීම සීල් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

(source – hiru)

The post බීම බෝතලයක් බීපු තාත්තයි දුවයි රෝහලට – “බිව්වට පස්සේ මගේ කට පිච්චිලා ගියා” appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ncGQPjW
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.