විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, අදාළ තීරණය අද පෙරවරු 10.00ට පමණ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
පසුගිය ඉරිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් අනතුරුව නොරොච්චෝලේ බලගාරයේ ජනන යන්ත්‍ර 03ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා පසුගිය 10 සහ 11 යන දිනයන්හි පැය එකහාමාරක කාලයක් දිවයිනේ සෑම ප්‍රදේශයකටම විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.
කෙසේවෙතත් ඊයේ (12) පොහොය දිනයක් වීම හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම සපුරාලීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වූ බැවින් විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට මණ්ඩලය පියවර ගනු ලැබුවා.
The post විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/UFNnyqa
via IFTTT

