Loading..

ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්! නවතම මිල ගණන් මෙන්න!

මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර ඇත.

මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියට මෝටවේස් ආයතනය මෙම රථය රුපියල් ලක්‍ෂ 71ක මුදලකට අලෙවි කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.

ඉන්දියාවේදී මෙම මෝටර් රථය ඉන්දීය රුපියල් ලක්ෂ පහක මිලකට අලෙවි කෙරෙන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ විස්සක පමණ වටිනාකමකි.

මේ අනුව, ශ්‍රී ලංකාවේදී මෙම රථය මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ඉන්දියාවේ මිලට සාපේක්ෂව රුපියල් ලක්ෂ පනහකට අධික අතිරේක මුදලක් ගෙවීමට සිදුවේ.

The post ඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්! නවතම මිල ගණන් මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/a830SYt
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.