අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් අයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්නෑව – නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකරුට සැඟව සිටීමට උපකාරක කිරීමේ චෝදනාව මතයි.
අත්අඩංගුවට ගත් කාන්තාව 37 හැවිරිදි තිදරු මවක වන අතර, පිරිමි පුද්ගලයා 27 හැවිරිදි වියේ පසුවනවා.
සැකකරු විසින් වෛද්‍යවරියව දූෂණයට ලක්කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දුරකථනයක් ළඟ තබාගැනීමේ චෝදනාවකට අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියට ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටි 34 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනුණු අතර ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර මෙම සිද්ධිය මුල් කරගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු ඊයේ උදෑසන 8 ට ආරම්භ කළ වර්ජනය අද උදෑසන 8ට අවසන් කෙරුණා.
The post අනුරාධපුර සිදුවීමට අදාළ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/f1nlqor
via IFTTT

