ආහාර සුරක්ෂිතතාවය, අස්වනු හානිය අවම කිරීමේ අරමුණින් පැවැත්වෙන ජාතික සත්ව සංගණනය අද (15) පැවැත්වෙයි.
එමෙන්ම බෝග වගාවන් සඳහා හානි කරන වන ජීවීන්ගේ ප්‍රමාණය තක්සේරු කිරීම මෙම සංගණනයේ ප්‍රධාන අරමුණකි.
ඒ අනුව පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි 05ක කාලයක් තුළ ජාතික සත්ව සංගණනය පැවැත්වෙන වන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පැවසීය.
එම කාලය තුළ තම ගෙවත්ත, වගා බිම, පුණ්‍ය භූමි සහ වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ පරිශ්‍රයන් තුළ සිටින වදුරන්, රිළවුන්, දඩු ලේනුන් සහ මොණරුන් සංඛ්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කළ යුතු වෙයි.
The post රටම බලා සිටින ජාතික සත්ව සංගණනය අදයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/cUvfwCm
via IFTTT

