Loading..

ග්‍රාම නිලධාරිනියන් බියෙන්! අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වෙයි!

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එහි කොළඹ දිස්ත්‍රික් සභාපති ශාමලී වත්සලා කුලතුංග මහත්මිය පැවසුවේ අනාරක්ෂිත හා ජනශුන්‍ය ප්‍රදේශවල පවත්වාගෙන යන කාර්යාල වසාදැමීම සහ ආරක්ෂාව තහවුරුවන ස්ථානයක සිට කාර්යාල කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවය.

ග්‍රාම නිලධාරීන් සැලකීමේදී සියයට හැටකට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් බවත් බොහෝ ග්‍රාම නිලධාරි කාර්යාල පවතින්තේ හුදකලාවේ හෝ ජනශුන්‍ය ප්‍රදේශවල බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේය.

හුදෙකලා ප්‍රදේශවල පවතින කර්යාලවල සිට තම නිවසට යාමේදී සවස් යාමයේ කාන්තා නිලධාරිනියන් අනාරක්ෂිත වන බව ඔහු පැවසීය.

මේ ආකාරයට හුදෙකලා කාර්යාලවල සිටින නිලධාරිනියන්ට විවිධ අවස්ථාවදී ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙන බවද නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේය.

The post ග්‍රාම නිලධාරිනියන් බියෙන්! අද සිට රාත්‍රී සේවාවලින් ඉවත් වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EOBeGwy
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.