Loading..

ජනපතිගේ සහභාගිත්වයෙන් ඉෆ්තාර් උත්සවයක්

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පැවැත්විණි.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතාද උත්සව සභාව ඇමතීය.ෂෙයික් අබ්දුල්ලා ෂහීඩ් මව්ලවිතුමා “රාමසාන් මාසයේ වැදගත්කම” පිළිබඳ විශේෂ දේශනයක් සිදු කරන ලදී.විශේෂ යාඥා මෙහෙයෙන් පසු ප.ව 6.23ට අද දින උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ වූ අතර ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.

The post ජනපතිගේ සහභාගිත්වයෙන් ඉෆ්තාර් උත්සවයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ggrh6pV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.