Loading..

වැලිවේරියේ වෙඩිතැබීමක්! තුවාලකරු රථය නොනවත්වා රෝහලටම ධාවනය කරලා!

වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ වම් අතට තුවාල සිදුවී ඇති අතර වෙඩි වැදිමෙන් පසු ඔහු රථය නොනවත්වා රෝහල වෙත ධාවනය කර ඇති බව පවසෙයි.

පොලීසිය සැක පළ කරන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ සිදුකරයි.

The post වැලිවේරියේ වෙඩිතැබීමක්! තුවාලකරු රථය නොනවත්වා රෝහලටම ධාවනය කරලා! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1T9zwVW
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.