Loading..

ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි! භාවිත කළ හැකි විකල්ප මාර්ග පිළිබඳව දැනුම්දීමක්!

ඊයේ (13) පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී තිබෙනවා.

එම මාර්ගය පිළිසකර කර නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වැල්ලවාය හා ඇල්ල දෙසට ගමන් කිරීමේදී පහත විකල්ප මාර්ග භාවිත කළ හැකිය.

විකල්ප මාර්ග –

• ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැක.

• වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී – වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව ඇත.

The post ඇල්ල වැල්ලවාය මාර්ගය අවහිර වෙයි! භාවිත කළ හැකි විකල්ප මාර්ග පිළිබඳව දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/650olOG
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.