අධ්‍යාපන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අර්බුධ ගණනාවක් උද්ගතව ඇති බවත් පාසල් වල මුදල් එකතුකිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වුවහොත් කඩිනමින් පරීක්ෂණ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුධ ගණනාවකට හේතුව ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හා දේශපාලන මැදිහත් වීම් බවත්, විවිධ හේතුන් මත පාසල් තුළ සිදුකරන මුදල් එකතු කිරීම් පිලිබඳ කඩිනම් පරීක්ෂණ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසීය..
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේ පළමු සැසිවාරයේ මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.
2026 ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය නිර්දේශ හදුන්වාදීම, මානව සම්පත සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද ජනතාව දැනුවත් කිරීම, තක්සේරුව සහ ඇගයීම යන සැලසුම් කර ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැහැදිළි කළාය.
The post පාසල් සිසුන්ගෙන් මුදල් එකතු කරන ගුරුවරුන්ට වැඩ වරදී! අගමැතිනියගෙන් දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Sq6yT3e
via IFTTT

