මාර්තු මස 10, 11 දිනවලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන අතර විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අද (09) දින රාත්රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවලසවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දෙයි.
The post නවතම කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/HF7vy0A
via IFTTT

