දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළැඹෙන 10, 11 දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින්තැන වැසි ඇතිවිය හැකිය.
කෙසේ නමුත් රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එමෙන්ම උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
The post කාලගුණයේ තාවකාලික වෙනසක් පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/75JOEgN
via IFTTT

