කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (07) රාත්‍රි 11ට පමණ මෙම ගින්න හටගෙන තිබේ.
කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් හා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතුකර තිබෙනවා.
මරණකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post ඉන්ධන පිරවුම්හලක ඇති වූ ගින්නකින් 4ක් මරුට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/WmgHubS
via IFTTT

