Loading..

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ රත්නායක මහතා පවසනවා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑල වෙත භාරගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සුදානම් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.
 
ඒ අනුව අද පස්වරුවේ හෝ හෙට (08) දිනයේදී අදාළ පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ආරම්භ කරන බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.

මේ අතර, සියලු පළාත් පාලන ආයතනවලට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදුන් බවය.

The post තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් අද තැපෑලට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jpqYChG
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.