Loading..

ජනපති සියලුම ජනතාවගෙන් කළ ඉල්ලීම

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට කිසිඳු භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) පැවති මැතිවරණ ජනරැලියකදීය.

“භූ දේශපාලනයේ මේ මොහොතේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපේ අපනයනවලට යම් බලපෑමක් වෙන තීන්දු තීරණවලට එළැඹිලා තියෙනවා. එය විසඳාගැනීම සඳහා උත්සහා සහ සාකච්ඡාකරමින් සිටිනවා. ඒ වගේම එය විසඳාගැනීම සඳහා ප්‍රයත්න දරන ගමන් එවැනි අභියෝගයකට මුහුණදීලා අපේ රටේ ආර්ථිකය නැවත අර්බුදකාරී තත්ත්වයකට අත්පත් නොවන ආකාරයෙන් ඊට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් හදමින් තිබෙනවා. ඒක අපි අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් මේ නිශ්චිත මොහොතේ මතුවෙලා තියෙනවා. එහෙත් අපේ ආර්ථිකය ඉතාමත් හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් තිබෙනවා.

ඒ ප්‍රශ්නයට අපි මුහුණ දියයුතු වන්නේ ජාතියක් හැටියට. ඒ නිසා මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපරිම මැදිමත්වන ගමන් එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා ජාතිකයක් හැටියට සූදානම් විය යුතුව තිබෙනවා.”

The post ජනපති සියලුම ජනතාවගෙන් කළ ඉල්ලීම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gron2E6
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.