කෝකිලායි ප්‍රදේශයේ නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටි වයස අවුරුදු 19ක තරුණියක් ඊයේ (31) දහවල් දියේ ගිලී මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.
විනෝද චාරිකාවක් සඳහා පුදුකුඩිඉරප්පු ප්‍රදේශයේ සිට පැමිණි ඇගළුම් පාඨමාලවක් හදාරන ශිෂ්‍යාවන් හා එහි ගුරුවරිය ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටියදී, තරුණියන් දෙදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
එම අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගුරුවරිය ද ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නාවික හමුදා නිලධාරින් විසින් ගුරුවරිය හා එක් තරුණියක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන්ව තිබූ බවද පොලිසිය පවසනවා.
නාවික හමුදා නිලධාරින් විසින් ගුරුවරිය හා එක් තරුණියක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන් වී ඇත.
අතුරුදන් වු තරුණියගේ මෘත ශරීරය නයාරු නාවික හමුදා කඳවුර පිටුපස වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.
බේරාගත් දෙදෙනා මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මියගිය තරුණියගේ මෘත ශරීරය මාන්තෝල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කෝකිලායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
The post විනෝද චාරිකාව මරණයකින් කෙළවර වෙයි! සිසුවියකට දිවි අහිමි වෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/QHM2hes
via IFTTT

