Loading..

දේශබන්දුගේ ඉරණම අද තීන්දු වෙයි

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරින් ඉවත් කිරීම සදහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනාව, සම්මත කිරීම සදහා අද පාලරීමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස්පතිවරයා සේවයෙන් පහ කිරීමේ යෝජනාවක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායක ජගත් වික්‍රමරත්න වෙත පසුගියදා භාරදෙනු ලැබුවා.

ඒ අනුව, පසුගිය 02 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කිරීම පිළිබද යෝජනාව අද දිනයේ පාලරීමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එම යෝජනාව විවාදයකින් තොරව සම්මත කිරීමටත් තීරණය කර තිබේ..

කථානායකවරයා විසින් පත් කෙරෙන මෙම කමිටුවට අගවිනිසුරුවරයා විසින් පත් කරන විනිසුරුවරයෙක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති, විපක්ෂනායක එකඟතාවයෙන් පත් වන නියෝජිතයෙක් ඇතුළත් වනවා.

මෙම ත්‍රිපුද්ගල කමිටුව ලබන 08 වැනිදා පත් කිරීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් චෝදනා විමශර්නය කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති අතර අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනත යටතේ නියමය අනුමත කිරීමට නියමිතයි.

The post දේශබන්දුගේ ඉරණම අද තීන්දු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fvwYAry
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.