Loading..

අද දහවල් ඉර මුදුන්වන ප්‍රදේශ මෙන්න

දකුණු පළාතෙත්, මොණරාගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් අද (05) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

තවද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතියි.

අද දින (05) දහවල් 12:13ට කහව, මීටියාගොඩ, එළමල්දෙණිය, අඹකොළවැව සහ බූන්දල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

The post අද දහවල් ඉර මුදුන්වන ප්‍රදේශ මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZSXcxQV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.