Loading..

හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පෙරවරු 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස කැඳවා තිබේ.

මින් පෙර අවස්ථා දෙකකදීම අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, සිය නීතිඥවරයා විදේශගතව ඇති බව දක්වමින් අල්ලස් කොමිසම හමුව පෙනී සිටීමට ඔහු වෙනත් දිනයක් ඉල්ලා සිටියා.

The post හිටපු ජනපති රනිල් අද අල්ලස් කොමිසම හමුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xrbCPWG
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.