ඉදිරි වසර 05 තුළ දිළිඳු පවුල් ලක්ෂ 20 ක් සවිබල ගැන්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.
පංචවිධ සවිබලගැන්වීමේ ක්‍රමවේදයක් ඔස්සේ වැඩසටහන ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.
ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන පිළිබඳ ඊට එක්වන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ගාල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සාහයෙන් නැගී සිටින අභිමානවත් පුරවැසියන් පිරිසක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවයි.
මැති ඇමතිවරුන් අතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post අඩු ආදායම්ලාභී ජනතාවට සුබ ආරංචියක්! පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් රජයෙන් අලුත්ම වැඩක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/2LoS8Vf
via IFTTT

