Loading..

කොළඹ බලය අල්ලන්න ජනපති මැදිහත් වෙයි! තීරණාත්මක සාකච්ඡාවක්!

මෙවර පළාත් පාලන ආයතන ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තරගකර තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් මෙන්ම කුඩා කණ්ඩායම්වල සභිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (19) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.

ජාතික ජන බලවේගයේ පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

සාකච්ඡාවෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රීවරුන් මාධ්‍ය කියා සිටියේ තමන් කොන්දේසි විරහිතව ජාතික ජන බලවේගයට පාලනය පිහිටීම සඳහා සහාය දෙන බවය.

කොළඹ නගර සභාවට ස්වාධීන මන්ත්‍රීවරුන් නව දෙනෙකු තේරී පත්වී සිටින අතර ජාතික ජන බලවේගය දිනා සිටින ආසන සංඛ්‍යාව හතළිස් අටකි.

The post කොළඹ බලය අල්ලන්න ජනපති මැදිහත් වෙයි! තීරණාත්මක සාකච්ඡාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VTn2pWg
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.