Loading..

කැනඩාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික අපරාධ කල්ලි නායකයෙකු පිටුවහල් කරයි

කැනඩාවේදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන ශ්‍රී ලාංකිකයෙකු ප්‍රංශයට පිටුවහල් කිරීමට කැනේඩියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

මෙලෙස පිටුවහල් කිරීමට නියෝග කර ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව කියන “ප්‍රසන්නා නල්ලලිංගම්” හෙවත් ‘අජන්තන් සුබ්‍රමනියම්‘ නැමැති පුද්ගලයායි.

මොහු පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී කැනඩාවේ ටොරොන්ටෝ හිදී අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු ගැටුමකට අදාළවයි.

2021 වසරේ දී ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටි මොහු නීතිවිරෝධීව අමෙරිකාව, ප්‍රංශය සහ කැනඩාව යන රටවල රැඳී සිට අතර මෙරට සිදුවු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ කිහිපයකට ද අවශ්‍යව සිටි අයෙකු බව සඳහන්ය.

2022 වර්ෂයේ ප්‍රංශයේ සිදුවූ ඝාතන සිද්ධියක සැකකරුවෙකු වන මොහු ටොරොන්ටෝ හිදී පසුගිය දෙසැම්බර් මාසයේ අත්අඩංගුවට ගෙන මේ දක්වා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

The post කැනඩාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික අපරාධ කල්ලි නායකයෙකු පිටුවහල් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wXoIHg0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.