Loading..

කොරෝනා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, පසුගිය සති කිහිපයේදී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වනවා.

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළීබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසද  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post කොරෝනා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QiM6Ib2
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.