Loading..

වෙළඳපොළේ පවතින ප්‍රසිද්ධ සබන් වර්ග ගැන පැමිණිලි රැසක්

වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා (11) පවත්වා තිබෙනවා.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය , ඖෂධ නියාමන අධිකාරිය , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙළෙඳපොළේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයන්ද සහභාගි තිබෙනවා.

එහිදී සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළඳරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වෙළෙඳපොළේ සාධාරණ තරගයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබුණා.

The post වෙළඳපොළේ පවතින ප්‍රසිද්ධ සබන් වර්ග ගැන පැමිණිලි රැසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/swBneCE
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.