කොළඹ පොල් වෙන්දේසියේදී මිල රුපියල් 124ක් දක්වා පහත බැස තිබේ.
එය රුපියල් 19ක අඩුවීමක් බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ජුනි මස දෙවැනිදා පැවැති වෙන්දේසියේදී මිල රුපියල් 143ක් ලෙසට වාර්තා විය.
ඒ අනුව සිල්ලර පොල් මිලෙහි අඩුවීමක් ද අපේක්ෂා කළ හැකිය.
සෑම බ්‍රහස්පතින්දා දිනකම පෙරවරු 10.00ට, පොල් සංවර්ධන අධිකාරිය විසින් වෙන්දේසිය පවත්වන අතර, ගොවියන්, වෙළඳුන්, නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ට සාධාරණ හා ආරක්ෂිත මිලක් ලබාදීම අරමුණවේ.
The post පොල් මිල පහළට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6BJwtrk
via IFTTT

