ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.
අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.
ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post අක්මීමන වෙඩිතැබීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/fqKJomW
via IFTTT

