ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා.
ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ, සංස්කෘතික හා ආගමික, අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වූ බව සඳහන් වේ.
එදා දේවානම්පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වුණා.
එවක් පටන් බෞද්ධයෝ විසින් පොසොන් පුර පෝය දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වනවා.
මෙවරත් ජාතික පොසොන් උත්සවය මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගන් පැවැත්වෙන අතර අනුරාධපුර අටමස්ථානය ඇතුළු දිවයිනේ සෑම වෙහෙර විහාරයකම විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව පසුගිය 07වන දා සිට ලබන 13 වැනිදා දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කරා.
The post මෙරට සම්බුදු දහමින් ඒකාලෝකවූ උතුම් පොසොන් පොහොය අදයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/e8ga7GS
via IFTTT

