බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර තිබුණි
එහිදී පොලීසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතබා ඇත.
බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය උපදෙස් දී තිබේ.
එහිදී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදී ඇති බවද සඳහන්ය.
The post පහරදීමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් 3ක් රෝහලට! පොලිසිය අහසට වෙඩි තබයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/9UYt4mp
via IFTTT

