Loading..

වසර 06කට පසු බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය

තරග 03කින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය වසර 06කට පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් තරගයේදී ලකුණු 99කින් බංග්ලාදේශය පරාජයට පත් කරමින්.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 285ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකල බංග්ලාදේශයට සියළුදෙනා දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 186ක් පමණයි.

මෙහිදී, බංග්ලාදේශ කණ්ඩායමේ Parvez Hossain Emon ලකුණු 28ක් රැස් කළ අත‍ර Tanzid Hasan ලකුණු 17, Towhid Hridoy ලකුණු51ක්ද, නායක Mehidy Hasan Miraz ලකුණු 28ක්ද, Shamim Hossain ලකුණු 12ක්ද, Jaker Ali ලකුණු 27ක්ද, Tanzim Hasan Sakib ලකුණු 05ක්ද, Taskin Ahmed එක් ලකුණක්ද, Tanvir Islam ලකුණු 08ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ, අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුළු 03 බැගින්ද, දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග කඩුළු 02 බැගින් දවාගත්තා.

The post වසර 06කට පසු බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YalPOvV
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.