Loading..

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්

පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 5,000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ ඊයේ (08) පැනයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු අමාත්‍ය ආනන්ද විජයපාල සඳහන් කළේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිටින නිලධාරීන් 1,500කට උසස් වීම් ලබාදීමට නියමිත බවයි.

එමෙන්ම මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

The post පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gluKqFc
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.